පුංචි කැලණිය ලොකු හාමුදුරුවෝ
කෑගල්ල පලපලා වල මහින්දාරාම දහම් පාසලට තෑගි අරන්
වැඩම කරයි.
දරුවෙකු ගුණ යහපත් දරුවකු ලෙස සමාජයට දායාද කිරීමේ වැඩි වගකීමක් පවතින්නේ ගමේ දහම් පාසලටයි. ඒ ඒ දරුවන්ට නිවැරදි දහම් අධ්‍යාපනයක් ලබාදීම තුළිනි.
කැලණිය ප්‍රදේශයට පමණක් නොවෙයි මුළු මහත් ලංකාවේම දරුවන්ට නිවැරදි දහම් අධ්‍යාපනයක් ලබා දිය යුතු යැයි නිතර අධිෂ්ඨානශීලීව සිතනා කැලණිය පුංචි කැලණිය විහාරයේ විහාරාධිපති, පූජ්‍ය කුරුඳුවත්තේ ඥානසිරි හිමියන් ගේ මග පෙන්වීම ඔස්සේ
පුංචි කැලණිය විහාරයේ දායක සභාවේ ගරු ලේකම් දේශමාන්‍ය, සාසන අභිමානී, S.A ගුණසේන මැතිතුමා සහ මල්ලිකා මැතිනිය සමග එම දෙපළගේ දියණියන් දෙදෙනා සහ බෑණනුවන් දෙදෙනාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් පල පලාවල මහින්දාරාම දහම් පාසලේ සියලූම දූ දරුවන්ට ලබන වර්ෂයේ ඉගෙනීමට අවශ්‍ය සියලු අධ්‍යාපන උපකරණ ප්‍රධානය කිරීම පසුගිය 2025.12.00 දින එම විහාරස්ථානයේදී සිදු කරන ලදී.